නොවිය යුත්තක් සිදුවනු දිටිමි,
එය නොවිය යුත්තක් ද නැතිනම් නොදැකිය යුත්තක් දැයි නොදනිමි.
අදහාගනිමි ද? අත්හැර දමමි ද?
මම තවමත් අතරමං හිඳිමි.
පොරොන්දු වැකි පිනි බිඳු විය,
හිරු නැඟෙන්නටත් මත්තෙන් - වියැකී ගිය.
එක් මොහොතක් ඉදිරිපිට,
වසර ගණනක මිතුදම - මිලින වී ගිය.
නුඹේ වචනය නුඹටම අමතක වූවාට,
මා තවමත් එය සුරැකිමි පණ සේ ම.
සිදුවුන දේ වරදක් නොවුනා ට,
වැරදි නැද්ද මේ මිතුදම පාවාදීම?
පාඩම් නොකරන බව කියා රහසින් පාඩම් කළ මිතුරෙකු ගැන ලියූ කවියක්.
-Hiruja Edurapola (2026/05/15)