Tuesday, June 30, 2026

වැස්ස

 පායලා පායලා කොහෙදෝ ඉඳන්

එක පාරටම වැස්සක් ආවා,


සෙම වැඩිවෙනවා කියලා දැන දැනම

මම තෙමුනා,

ඉතින් වැරැද්ද මගේ.

ඒත්...

වැරැද්ද මගේමයි කියලා දැන දැනත්,

සමහර හැන්දෑවල මම

වැස්සට බනිනවා, මාව තෙමුවා කියලා...

මොකද මම දන්නවා,

මේ හිතුවක්කාර සෙම හොඳ වෙන්න නම්,

මට ආයෙමත් දවසක...

ඒ වැස්සේම තෙමෙන්න වෙනවා කියලා.

✍️ Hiruja Edurapola (30/06/2026)

Share: